අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනා ගැන මේරි ලොලර් කනස්සල්ල පළ කරයි
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජිවන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු පිරිස ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසනවා.
එම සංවිධානයේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලොලර් සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති අතර එහිදී ඇය පෙන්වාදෙන්නේ මානව හිමිකම් ක්‍රියාකාරීන් වන අදාළ පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවයි.
මෙහිදී ඇය විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඔවුන් සම්බන්ධව රැඳවුම් නියෝග සඳහා අත්සන් නොකරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින අතර එසේ කිරීම තුලින් ශ්‍රී ලංකාවේ අඳුරු දිනයක් වනු ඇති බවයි.
කෙසේවෙතත් අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා සම්බන්ධයෙන් වන පරික්ෂණ අද දිනයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.