News

MCC ගිවිසුමට එරෙහිව කාශ්‍යප හිමි ආරම්භ කළ මාරාන්තික උපවාසය අත්හරියි

අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට (MCC) එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කළ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් සිය උපවාසය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා යොමු කළ ලිපියකින් පසුව අත්හැර ඇත.

අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම කිසිවිටකත් ජනාධිපතිවරණයට පෙර අත්සන් නොතබන බවට ආණ්ඩුව තීරණය කර ඇති බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ලිපියක් මගින් පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් වෙත දැනුම් දී ඇති අතර ජනාධිපතිවරණයෙන් පසුව එම ගිවිසුම අත්සන් තබන්නේ නම් එය සිදු කරන්නේ පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී සිදු කරන සංවාදයකින් පසුව බව එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

අමෙරිකාව සමග අත්සන් තැබීමට නියමිත එම ගිවිසුමට එරෙහිව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් ඊයේ (05) උදෑසන කොළඹ නිදහස් චතුරාශ්‍ර පරිශ්‍රයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.