Latest News

මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ප්‍රථම වතාවට ආචාර්ය උපාධියක් ලබා ගත් ශ්‍රී ලාංකික නිවුන් සහෝදරියෝ

ඕස්ට්‍රේලියාවේ, සුප්‍රකට මෙල්බර්න් විශ්වවිද්‍යාල ඉතිහාසයේ නවතම වාර්තාවක් තැබීමට ශ්‍රී ලාංකික නිවුන් තරුණියන් දෙදෙනෙකු සමත්ව තිබෙනවා.

මෙම සුවිශේෂී වාර්තාව තබා ඇත්තේ, නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න යන නිවුන් සොහොයුරියන් දෙදෙනා

එම විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ එකම අවස්ථාවකදී ආචාර්ය උපාධියක් ලබාගත් නිවුන් සහෝදරියන් බවට ඔවුන් පත්වී තිබෙනවා.

එසේම ලෝක නිවුන් දිනයට පෙර දිනයේ මෙම වාර්තාව තැබූ නිවුන් සොහොයුරියන්ට ආචාර්ය උපාධිය පිරිනැමීමද විශේෂත්වයක්.

2016 වසරේ දී ඔවුන් ආචාර්ය උපාධිය හැදෑරීම ආරම්භ කර තිබූ අතර ඔවුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආහාර විද්‍යාව හා තාක්ෂණවේදය හදාරා තිබෙනවා.

තේජානි ගුණරත්න මේ වනවිට CSIRO ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන අතර නදීෂා ගුණරත්න අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර අධ්‍යයන විද්‍යාඥවරියක ලෙස කටයුතු කරනවා.