ප්‍රහාර සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් අවශ්‍යයි – මිෂෙල් බැෂෙලේ
ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
එහිදී ඇය පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ උග්‍රවන ප්‍රචණ්ඩත්වය දැඩිව හෙළාදකින බවත් ඇතිවී තිබෙන නොසන්සුන්තාවය පාලනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
“මැයි 9 වනදා කොළඹදී සාමකාමී විරෝධතාකරුවන්ට අග්‍රාමාත්‍යවරයාගේ ආධාරකරුවන් පහරදීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සහ පසුව ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින්ට එරෙහිව ඇති වූ මැර ප්‍රචණ්ඩත්වය පිළිබඳව මම දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමි.” යනුවෙන් මිෂෙල් බැෂෙලේ මහත්මිය සඳහන් කළා.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂෙලේ වැඩිදුරටත් සඳහන් කලේ,“මම සියලු ප්‍රචණ්ඩත්වය හෙළා දකින අතර සිදුවී ඇති සියලුම ප්‍රහාර ස්වාධීනව, පරිපූර්ණව සහ විනිවිදභාවයෙන් විමර්ශනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. ලෙසයි.
“ප්‍රචණ්ඩත්වය උසිගන්වන හෝ සංවිධානය කරන අය ඇතුළුව වගකිව යුතු අය ගණන් ගනු ලබන බව සහතික කිරීම ඉතා වැදගත් ” යනුවෙන් ඇය ගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.