යලිත් කිරිපිටි හිඟයක්
කිරිපිටි ආනයනය කිරීම සඳහා බාධාවක් ව පවතින ඩොලර් හිඟයට සහනයක් ඉල්ලා අද (14) දිනයේ දී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
ඩොලර් හිඟයට විසදුම් ලබා නොදුන හොත් ආනයනික කිරිපිටි හිඟය තවදුරටත් පවතිනු ඇති බව එම සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියා.
මෙහිදී කිරිපිටි ආනයනකරුවන් පෙන්වා දෙනු ලැබුවේ, ඩොලර් හිඟය හේතුවෙන් කිරිපිටි ඇණවුම්වලින් ආනයනය කළ හැකි වන්නේ සියයට 50ක පමණ ප්‍රතිශතයක් බවයි.
මේ අතර ආනයනික කිරිපිටිවල මිලෙහි යළි සංශෝධනයක් සිදු විය යුතු බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.
ආනයනික කිරිපිටි මෙන්ම වෙළෙදපොළේ මේ වනවිට දේශීය කිරිපිටිවල ද හිඟයක් හටගෙන තිබෙනවා.