Latest News

කිරිපිටි මිල නැවතත් ඉහළට ?

ආනයනික කිරිපිටි මිල හෙට (30) දිනයේ සිට නැවත ඉහළ දැමීමේ සුදානමක් පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර පවසනවා.

මෙහිදී කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ, වැඩි වන මිල ගණන් සම්බන්ධයෙන් හෙට දිනයේදී ප්‍රකාශ කිරීමට හැකිවනු ඇති බවයි.

ආනයනික කිරිපිටි සමාගම් විසින් ඉකුත් ඔක්තෝම්බර් මස 15 වෙනිදා මිල ඉහල දැමීමට පියවර ගනු ලැබුවා.

ඒ ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් 90කින් සහ කිලෝග්‍රෑම් 01ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 225කින්.

මේ වන විට වෙළෙදපලේ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රු. 480ක් සහ කිලෝග්‍රෑම් 01ක කිරිපිටි පැකට්ටුවක මිල රු. 1,195ක් වනවා.