මෙරටට සංචාරකයන් පැමිණීමේ අඩුවක්
මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ අඩුවක් මේ වන විට දක්නට ලැබෙන බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.
පසුගිය කාලයේ සංචාරකයින්ගේ පැමිණීම 4000ත්, 5000ත් අතර මට්ටමේ පැවතියත් මේ වන විට එය අඩුව ඇති බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් දිනකට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව 1000ත්, 2000ත් අතර මට්ටම දක්වා පහත වැටී ඇති බවයි.
මේ වසරේ ආරම්භයේ සිට මාර්තු 18 දක්වා සංචාරකයින් 329,095 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.