Latest News

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට ගෙන යන ජාත්‍යන්තර රූ රැජින එවැන්ජලින් එල්ච්මැනර්

ශ‍්‍රී ලංකාව ලෝකයේ සංචාරක ගමනාන්තයක් ලෙස ප‍්‍රවර්ධනය කිරීමට තමා කටයුතු කරන බව එක්සත් රාජධානියේ ජාත්‍යන්තර රූ රැජින එවැන්ජලින් එල්ච්මැනර් මෙනවිය පවසනවා.

ඇය මේ බව සඳහන් කලේ, ඊයේ (01) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එවැන්ජලින් එල්ච්මැනර්ගේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරය නිමා කරමින් සිය අත්දැකීම් ගැන කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර තිබුණා.

මෙහිදී ඇය සඳහන් කලේ,ශ්‍රී ලංකාව සංචාරය කරන්නන්ට බොහෝ අත්දැකීම් ලබා ගැනීමට හැකි රටක් වන අතර මෙය ආරක්‍ෂිත සහ ඉතා සුන්දර රටක් බවයි.

“ගාල්ල, ඇල්ල, නුවරඑළිය, මහනුවර, සීගිරිය, පින්නවල ඇතුළු ස්ථාන රැසක මම සංචාරය කළා, හිරිවඩුන්න ගමේ කළ සංචාරයෙන් ශ‍්‍රී ලංකාවේ ගැමි ජීවිතය අත්විඳීමට හැකි වුණා. මේ සෑම ස්ථානයකම අමතක නොවන අත්දැකීම් ලැබුවා. ශ්‍රී ලංකාවේ සංචාරය තුලින් මා ලැබූ අත්දැකීම් පුදුමාකාර යැයි ඇය මෙහිදී ප්‍රකාශ කළා.”

මෙහිදී ඇයගේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සහ ඇයගේ සංචාරයේ වැදගත් අවස්ථා වීඩියෝ පට මගින් ප‍්‍රදර්ශනය කිරීමද සිදුවුණා.