විශ්ව රූ රැජින තරඟාවලියේ නීති වෙනස් කෙරේ
වසර 70ක ඉතිහාසයක් ඇති විශ්ව රූ රැජින තරඟාවලියේ නීති රීති වෙනස් කිරීමට එහි සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කාන්තාවන්ට සහ මව්වරුන්ට 2023 ගෝලීය තරඟාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වනවා.
මෙතෙක්, මෙම තරඟාවලිය සඳහා අයදුම් කිරීමට අවසර දී ඇත්තේ, වයස අවුරුදු 18 සහ 28 අතර, කිසි දිනෙක විවාහ වී නොමැති හෝ දරුවන් නොමැති තනිකඩ කාන්තාවන් සඳහා පමණයි.
විවාහ වීම, දරුවන් ලැබීම වැනි පෞද්ගලික තීරණ කාන්තාවකගේ ඉදිරි ගමනට බාධාවක් නොවිය යුතුය යන පදනම මත මෙම වෙනස කිරීමට අදහස් කළ බව සංවිධායකයන් ප්‍රකාශ කර තිබෙනවා.
2022 විශ්ව රූ රැජන තරඟය මෙම වසරේ අවසාන භාගයේ පැවැත්වීමට නියමිතයි.