Latest News

වසර 21ට පසු නැවතත් විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවට

2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු විසින් හිමි කරගෙන තිබෙනවා.

70 වන වරට සංවිධානය කළ විශ්ව රූ රැජිණ තෝරාපත් කර ගැනීමේ තරගාවලිය මෙවර, ඊශ්‍රායලයේ දී පැවැත්වුණා.

එහිදී 21 හැවිරිදි වියේ පසුවන හර්නාස් සන්දු විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව, ඉන්දියාවට මෙවර විශ්ව රූ රැජිණ කිරුළ හිමිව ඇත්තේ වසර 21කට පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.