ලෝක රූ රැජින අවසන් තරඟයට බාධා කළ කොවිඩ් – ඉන්දීය සුරුපිනියත් වෛරස ආසාදිතයෙකු වෙයි
කැරිබියන් දූපත් හි Puerto Rico හි පැවැත්වීමට නියමිත තිබූ 2021 ලෝක රූ රැජින තේරීමේ අවසන් වටයේ තරගය, තාවකාලිකව නවත්වා දැමීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
තරගාවලියේ අවසන් තරගයට එක්වීමට සිටි අපේක්ෂිකාවන් රැසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම තරගය කල්දමා ඇත.
ඉන්දියානු අපේක්ෂිකාවක් වන Manasa Varanasi ඇතුළු සුරූපිනියන් 17දෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ Manasa Varanasi සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් ඇති බවයි.
මේ හේතුවෙන් ඇය puerto rico හි දී නිරෝධායනය ට යොමුකර ඇති බවද වාර්තා වේ.