සුප්‍රකට මොනාලිසා සිතුවමට ප්‍රහාරයක්
ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ඇති ලෝක ප්‍රකට ලියනාඩෝ ඩා වින්චිගේ සුප්‍රකට මොනාලිසා සිතුවමට ආබාධිත මහලු කාන්තාවක ලෙස වෙස් වළා ගත් පුද්ගලයෙකු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
කෙසේවෙතත් එහි ඇති ආරක්‍ෂිත වීදුරුව හේතුවෙන් සිතුවමට කිසිදු හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
ආබාධිත මහලු කාන්තාවක සේ කෞතුකාගාරයට ඇතුළුවී ඇති එම පුද්ගලයා මොනලීසා සිතුවම නරඹමින් සිටි පිරිස පුදුම කරමින්, රෝද පුටුවෙන් පැන සිතුවමේ අයිසිං කේක් තවරා තිබෙනවා.
මෙම පුද්ගලයා 36 හැවිරිදි පරිසර ක්‍රියාධරයෙකු බව හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රහාරයෙන් කෙටි කාලයක් ඇතුළත එම සැකකරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.