රිළා කරදරයෙන් බේරා දෙන්නැයි පවසමින් ගල්කිරියාගම කාන්තාවන්ගෙන් පැමිණිල්ලක්
ගල්කිරියාගම – පලාගල – මාරසිංහ – හල්මිල්ලවැව ගම්මානයේ කාන්තාවක් පිරිසක් විසින් ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, රිළවුන්ගෙන් තමන්ට එල්ලවන පීඩාවන් මේ වනවිට ඉහළ ගොස් ඇති බව පවසමින්.
එහි පැමිණි කාන්තාවන් තම පීඩා පිළිබඳ තොරතුරු ඇතුළත් මහජන පෙත්සමක්ද නිලධාරීන්ට භාර දුන්නා.
ගම්මානයට මේ දිනවල පැමිණෙන රිළවුන් රංචුවක් තම දෛනික කටයුතුවලට බාධා කිරීම මෙන්ම ගෙවතු වගාවලටද හානි කරමින් සිටින බවයි ඔවුන් සඳහන් කලේ.
එසේම ආහාර වර්ග මෙන්ම ඇඳුම් පැළඳුම් ද රිළවුන් විනාශ කරන බව මෙම කාන්තාවන් වනජීවී නිලධාරීන්ට ප්‍රකාශ කළා.