ඉන්දියාවේ පළමු වඳුරු උණ ආසාදිත මරණය වාර්තා වෙයි ……..
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයෙන් පළමු වඳුරු උණ ආසාදිත (මන්කිපොක්ස්) මරණය වාර්තා වී තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කේරළයේ ගුරුවායුර් අසල කුරන්ජියූර් හි පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.
ඉන්දියාවෙන් මේ වනවිට වඳුරු උණ ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වී ඇති අතර, එහි විශේෂත්වය වන්නේ ඉන් තිදෙනෙකුම කේරළ ප්‍රාන්තයේ වැසියන් වීමයි.
කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ, මියගිය තරුණයා දින කිහිපයකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර, ඔහුට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නැති බවයි.
අදාළ තරුණයා ශරීර අපහසුතා හේතුවෙන් ජූලි (27) වනදා රෝහල්ගතවී තිබෙනවා.
මෙම තරුණයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී මෙම රෝගයට ගොදුරු වී ඇති බව දැනගන්නට ලැබී ඇති බවත්, ඔහු සත්‍යය තොරතුරු යටපත් කරමින් කටයුතු කර ඇති බවත් වාර්තා වනවා.