ලොව වැඩිම පිරිසක් නැරඹු ගුවන් ගමනින් ජනපති සිංගප්පුරුවට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානය අද මැලේසියාවේ සිට සිංගප්පූරුව දක්වා ගමන් ආරම්භ කළ අතර මේ වන විට ඔහු සිගප්පුරුවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ගුවන් යානය ලොව වැඩිම පිරිසක් බලා සිටින (most-tracked flight) ගුවන් යානය බවට පත්ව තිබුණා.
මෙමගින් ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය පිළිබඳ ලොව පුරා පවතින උනන්දුව පෙන්නුම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
Flightradar24.com හි දත්ත වලට අනුව, Male සිට Saudia 788 ගුවන් යානය උදෑසන 7:43 වන විට පරිශීලකයින් 5,000 කට ආසන්න පිරිසක් විසින් නිරීක්ෂණය කර තිබෙනවා.
එය යුරෝපයේ පියාසර කරන ප්‍රංශ ගුවන් හමුදා ගුවන් යානයක් නිරීක්ෂණය කරන පුද්ගලයින් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට වඩා වැඩි බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.