Latest News

කුසට අහරක් නොමැතිව දරුවන් සිව්දෙනෙකුගේ වගකීම් තනිව දරන මවකට පිහිටවන්න…

දරුවන් සිව්දෙනෙකුගේ වගකීම් තනිව දරන්නට සිදුවූ අසරණ මවක් පිළිබඳ පුවතක් ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සැමියා ඇයව හැරගොස් ඇති අතර කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිවීම හේතුවෙන් එම පවුල මෙම තත්ත්වයට පත්ව තිබෙනවා.

දරුවන් සිව්දෙනා සමග කුසට කිසිඳු ආහාරයක් නොමැතිව බොහෝ දින ගෙවාදැමීමට සිදුවන බවද ඇය කියා සිටියා. ආහාර වේලක් නොමැති දිනවල දරුවන් තිදෙනා පාසල් නොයන බවද ඇය පවසා සිටිනවා.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ එවැනි දිනවල තුන්වැනි වියේ පසුවන පුතණුවන් මව් කිරි බී කුස පුරවාගන්නා බවයි. ඒ අනුව ඇයට දරුවන්ගේ කුස පුරවන්නට සිදුවී ඇත්තේ අසල්වැසියන් ඉඳ හිට ලබාදෙන සුළු ආහාරයකිනි.

8, 9 සහ 13 වැනි වයස්වල පසුවන දරුවන් තිදෙනාට පාසල් යෑමට ද සිදුවී ඇත්තේ ද විවිධ අඩුපාඩුකම් රැසක් සමගයි.

දෑස්වල කඳුළු පුරවාගත් මෙම මව ඉල්ලා සිටින්නේ තම දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනඟාදීමට උපකාරයක් කරන ලෙසයි.

මෙම පුවත සම්බන්ධ වැඩි විස්තර සඳහා අද දෙරණ ප්‍රාදේශීය වාර්තාකරු කාංචන කුමාර ආරියදාස අමතන්න…
077 341 6157
071 536 1347