ත්‍රිරෝද රථ අනතුරකින් මව හා පුතු මරුට
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව – වලකුඹුර ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ අනතුර ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි වියේ පසුවූ මවක් හා ඇයගේ 18 හැවිරිදි පුත්‍රයා යි.
අනතුරින් ත්‍රිරෝද රථය පැදවූ මියගොස් ඇති කාන්තාවගේ සැමියා සහ තවත් පුත්‍රයෙකු තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
මෙහිදී පොලිසිය සඳහන් කලේ, අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අලව්ව පොලීසිය ආරම්භ කර තිබෙනවා.