මිය ගිය මවගේ අවසන් කටයුතු කරන්න දියණිය මහමඟට
මව මියයාමෙන් පසු ඇය භූමදානය කිරීමට අවශ්‍යය මිණී පෙට්ටියක් ගැනීම සඳහා මුදල් සොයා ගිය දියණියක සම්බන්ධ පුවතක් කෑගල්ල දේවාලේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මිය ගිය මව 76 හැවිරිදි වියේ පසුවූ අතර ඇය පසුගිය 12 වැනිදා මියගොස් තිබුණා.
මිය ගිය මවගේ දේහය ලෑල්ලක්මත තබා රෙදි කැබැල්ලකින් වසා දැමු අදාළ දියණිය, ජා – ඇළ ප්‍රදේශයට මුදල් සොයා පිටව ගොස් ඇති අතර මිය ගිය මව පිළිබඳ ආරංචි වූ එක් සහෝදරයෙක් ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
අනතුරුව කෑගල්ල නාගරික රෝහලේ, නාගරික හදිසි පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය අදාළ නිවසට ගොස් දේහය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදුකිරීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා දේහය කෑගල්ල රෝහලට රැගෙන ගොස් තිබෙනවා.