Latest News

ණය බර නිසා දරුවන්ට වස පෙවූ මවත් මියයයි

ණය බර හේතුවෙන් සිය දරුවන් දෙදෙනාට වස පොවා අසාධ්‍ය තත්ත්වයෙන් වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ මවද අද (04) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය වස පෙවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 5 හැවිරිදි දරුවා පෙරේදා මිය ගොස් තිබුණා.

එමෙන්ම වස පෙවූ අවුරුදු අටක් වයසැති අනෙක් දරුවා මේ වන විටත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.

අදාළ කාන්තාව බොහෝ ණය වී සිටි අයෙක් හේතුවෙන් තිබූ ණය බර නිසා පසුගියදා සිය දරු දෙදෙනාට වස පොවා මවද පසුගියදා වස පානය කර තිබුණා.