සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කරීමට නියමිතයි
ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
ඒ අනුව හෙට (21) පස්වරු 4ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඒ මහත්මියගේ අවසන් කටයුතු සිදු කෙරෙනවා.
මෙරට සිනමාවේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන සුමිත්‍රා පීරිස්මහත්මිය ඊයේ දිනයේදී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.
හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය මිය යන විට 88 වැනි වියේ පසු වුණා.
ඇය මෙරට ප්‍රථම වෘත්තාන්ත සිනමාවේ සංස්කරණ ශිල්පිනිය වන අතර සිව්වැනි සිනමා අධ්‍යක්ෂිකාව වනවා.
ගැහැණු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා නුඹ හින්දා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, වෛශ්නාවී යන චිත්‍රපට ඇය විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.
හොඳම සංස්කරණ ශිල්පිනිය ලෙස සහ හොඳ චිත්‍රපට අධ්‍යක්ෂණයට සරසවිය සම්මාන, ජනාධිපති සම්මාන, ඕසීඅයිසී සම්මාන ඇතුළු සම්මාන රාශියකින් ද ඇය පිදුම් ලබා තිබෙනවා.