ඉතිහාසයේ පළමු වරට Ms. Sport Model තරඟය ජය ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව
සිංගප්පූරුවේ පැවති FIF worldwide Classic Pro – 2023 කායවර්ධන තරඟාවලියේ, Ms. Sport Model තරඟයේ පලමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 25 හැවිරිදි හෂිනි හේවගේ සමත් වුණා.
වසරක් පාසා පැවැත්වෙන මෙම තරඟාවලියේ මෙවැනි ජයග්‍රහණයක් ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවක් ලබාගත් පලමු අවස්ථාව මෙය වනවා.
රටවල් ගණනාවක් නියෝජනය කරමින්, තරඟකාරිනියන් 12 දෙනෙක් මෙම තරඟය සඳහා ඉදිරිපත් වී තිබෙනවා.
මොරටුව ප්‍රදේශයේ දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස උපත ලැබූ හෂිනි, මිලාගිරිය සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වනවා.
ඇය කළමනාකරණ හා ගණකාධිකාරණ අංශයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරන අතර, ගණකාධිකාරිවරියක් ලෙස වසර 2ක පමණ කාලයක් ඩුබායි වල සේවය කරනවා.