Latest News

සහෝදරකම අමතක කරවූ ආරවුල මරණයෙන් කෙලවර වෙයි

අත් පොරවකින් සහ කැත්තකින් පහරදී තම සහෝදරයාව ඝාතනය කර ඇති පුවතක් පනාමුර පොලිස් වසමේ මුල්ඇඩියාවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඊයේ (06) රාත්‍රී කාලයේ දී එම ඝාතනය සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.

මියගිය පුද්ගලයාගේ දරුවෙකු සහෝදරයාගේ නිවසේ සිටින බල්ලෙකු සපා කෑම හේතුවෙන් ඇති වූ ආරවුලක් මත සැකකරුගේ බිරිඳට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇත.

ඒ හේතුවෙන් අදාළ සැකකරු විසින් පොරොවකින් හා කැත්තකින් පහරදී එම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළා.

එලෙස මියගොස් ඇත්තේ, 41 හැවිරිදි මුලඇඩියාවල, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ ඝාතනය සිදුකළ 27 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පනාමුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.