Latest News

ජපානයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කෙරෙයි

ජපානයේ ටෝකියෝ නගරයේ කාර්මික ශිල්පියෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු පසුගිය (05) වනදා එරට දී තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු විසින් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, පාතහේවාහැට පදිංචිව සිටි 45 හැවිරිදි උපුල් රෝහණ නම් දෙදරු පියෙක්.

ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් 29 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ජපානයේ බෙන්දෝ නගරයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් අතර ගැටුමක් පවතින බවට ඉරිදා රාත්‍රියේ පොලිසියට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

කෙසේවෙතත් පොලිසිය එම ස්ථානයට යන විට මරණකරු බරපතළ තුවාල සහිතව සිට ඇති අතර ඔහුගේ වම් උරහිසෙහි දරුණු කැපුම් තුවාලයක් තිබූ බව සඳහන්.

එමෙන්ම සැකකාර තැනැත්තා ද එම ස්ථානයේ සිට ඇති අතර ඔහු එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මිට වසර 3කට පෙර ජපානයට ගොස් ඇති අතර ඔහු සිය ගිවිසුම අවසන් කර තව දින කිහිපයකින් මෙරටට පැමිණීමට නියමිතව තිබුණා.