Latest News

ලංකාපුර ප්‍රා.ලේ කාර්යාලයක පරිපාලන නිලධාරිනියක් ඝාතනය කෙරේ

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය අද (04) අලුයම 2.30 ට පමණ ඇයගේ නිවසේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, පොලොන්නරුව ,තල්පොත ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි දෙදරු මවක වන එම්.එල් යමුනා පත්මිණි යන අය බව පුලස්තිපුර පොලිසිය පවසනවා.

අදාළ සිදුවීම වූ අවස්ථාවේදී ප්‍රදේශීය ලේකම්වරියගේ ස්වාමියා සහ දරුවන් දෙදෙනාද සිට ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

මෙහිදී පුලස්තිපුර පොලිසිය සඳහන් කලේ, අදාළ සිද්ධිය කුමන හේතුවක් මත සිදුකරාද යන්න සම්බන්ධ මූලික විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරනවා.