දියණිය සිදුකළ මෝල් ගස් ප්‍රහාරයෙන් මව මරුට
බොරැල්ල – සිංහපුර මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (17) උදෑසන කාලයේදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, 65 හැවිරිදි සිංහපුර මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකාරිනියක්.
මූලික පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ, පෞද්ගලික ආරවුලක් හේතුවෙන් අදාළ කාන්තාවගේ දියණිය විසින් කුඩා ප්‍රමාණයේ මෝල් ගසකින් හිසට පහර දී ඇති බවයි.
මිය ගිය කාන්තාවගේ මෘත ශරීරය ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්තා වනවා.
ඝාතනය සම්බන්ධයෙන් එම කාන්තාවගේ දියණිය බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර දියණිය ඊයේ (17) දිනයේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බොරැල්ල පොලිසිය සිදුකරනවා.