Latest News

තියුණු ආයුධයකින් පහරදී, සැමියා විසින් බිරිඳව ඝාතනය කරයි

 

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව ඊයේ (28) සවස මොනරාගල සිරිගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස්ව ඇති බව දඹගල්ල පොලිසිය පවසනවා.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, දැලිව රුවල්වෙල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක්.

ඝාතනය සිදුකළ 34 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දඹගල්ල පොලිසිය සිදුකරනවා.