පවුල් ආරවුලක් නිසා සැමියා විසින් බිරිඳ ඝාතනය කරයි
පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් සැමියා විසින් සිය බිරිඳගේ ගෙල සිර කර ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ,කොක්කඩිචෝලේ , මහිලඩිතිව් ප්රදේශයේ පදිංචි 20 හැවිරිදි කාන්තාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (16) කොක්කඩිචෝලේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.