අවුන් සාන් සුකීට තවත් වසර 6ක සිරදඬුවමක්
බලයෙන් පහකරන ලද මියන්මාර් නායිකා අවුන් සාන් සුකීට තවත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු කර අමතර වසර හයක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ, එරට හමුදා පාලනය යටතේ පවතින මියන්මාරයේ උසාවියක් විසින්.
හිටපු නායිකාව මේ වන විටත් වසර 11ක සිරදඬුවමක් විඳින අතර නව අධිකරණ නියෝගය අනුව ඊට තවත් වසර 6ක් එක්කර තිබෙනවා.
අදාළ අධිකරණ තීන්දුවට අනුව ඇයව දුෂණ චෝදනාවකට වැරදිකරු කර තිබුණා.
කෙසේවෙතත් අවුන් සාන් සුකී විසින් සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඇයගේ නීතිඥයින් සඳහන් කලේ, අධිකරණ තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.