Latest News

බාලවයස්කාර දරුවන් දෙදෙනෙක් කැලෑවකින් හමුවෙයි

බාලවයස්කාර දරුවන් දෙදෙනකු මහව නාගොල්ලාගම තම්මිටගම කැලෑබද ප්‍රදේශයකදී නාගොල්ලාගම පොලිසිය විසින් අද (12) සොයා ගෙන තිබෙනවා.

වයස අවුරුදු 16 සහ 14 ක වන දැරියක හා පිරිමි දරුවකු මෙලෙස සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.

පොලිසියට ලද තොරතුරකට අනුව නාගොල්ලාගම ප්‍රදේශවාසීන් හා එක්ව කළ වැටලීමකදී මෙම දරුවන් දෙදෙනා සොයා ගෙන ඇත.

ඊයේ (11) කොළඹ ප්‍රදේශයේ සිට බස් රථයෙන් කුරුණෑගලට පැමිණ ඉන්පසු කුරුණෑගල සිට දුම්රියෙන් නාගොල්ලාගම ප්‍රදේශයට පැමිණ ඇතැයිද තොරතුරු අණාවරණය වී තිබෙනවා.

මොවුන් එදින සවස පාළු නිවසකට ගොස් ඇති බවත් ඊයේ උදෑසන වෙනත් නිවසකට පැමිණ එම නිවසේ ගමන්මලු තබා කැලෑබද ප්‍රදේශයට පැමිණ ඇති බවට ද කරුණු තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

මෙහිදී වැඩිදුරටත් පොලිසිය සඳහන් කළේ, දරුවන් නාගොල්ලාගම ප්‍රදේශයට පැමිණ ඇත්තේ මාලබේ ප්‍රදේශයේ පුද්ගලයකු සමග බවත් ඔහු නාගොල්ලාගම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බවයි.

දරුවන් සොයා ගන්නා විට සැකකරු නොසිටි බවත් සැකකරු කැලෑබද ප්‍රදේශයක සැඟව ඇතැයි ද පවසන පොලිසිය සැකකරු සොයා වැඩිදුර විමර්ශන සිදු කරන බවද සදහන් කළා.