නන්දා මාලිනියන් විසින් පණ්ඩිත් අමරදේවයන්ගේ භෂ්මාවශේෂ ‘අපේ ගම’ සුසානඝරයෙහි තැන්පත් කරයි
මීට වසර 06කට පෙර දැයෙන් සමුගත් හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේවයන්ගේ භෂ්මාවශේෂ බත්තරමුල්ලේ පිහිටි ‘අපේ ගම’ පරිශ්‍රයේ ඉදිවෙමින් පවතින අමරදේව සංගීත හා පර්යේෂණ කේන්ද්‍රයෙහි ස්ථාපිත කළ සුසානඝරයෙහි තැන්පත් කර තිබෙනවා.
ඒ, විශාරද නන්දා මාලිනි මහත්මිය විසින්.
පණ්ඩිත් අමරදේවයන්ගේ සිසුවියක් වන නන්දා මාලිනි මහත්මිය විසින් ම සිය පෞද්ගලික මූල්‍ය පරිත්‍යාගයෙන් ඇයගේ ගුරුතුමා වෙනුවෙන් මෙම ක්‍රියාව සිදු කිරීම සුවිශේෂී සිද්ධියක් වනවා.
ඊයේ (03) දිනයට යෙදී තිබූ අමරදේවයන්ගේ 06 වන ගුණානුස්මරණය නිමිත්තෙන් අමරදේව පදනම විසින් මෙම භෂ්මාවශේෂ තැන්පත් කිරීම සංවිධානය කර තිබුණා.
2016 වසරේ නොවැම්බර් මස 03 වන දින දැයෙන් සමුගත් අමරදේවයන්ගේ භෂ්මාවශේෂ වසර 06ක් ම තැන්පත් කර තිබුණේ පෞද්ගලික මල් ශාලාවකයි.