Latest News

අධ්‍යක්ෂ ජනරාල්වරියක් ලෙස පත් වූ රාජපක්ෂ

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත්කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම නව අධ්‍යක්ෂ ජනරාල්වරිය පත් කළ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව ඇය හෙට (28) දිනයේ සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි.

ෂර්මිලා රාජපක්ෂ මහත්මිය වෘත්තියෙන් ගණකාධිකාරිවරියක් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගණකාධිකරණය සහ මුල්‍ය කළමණාකරණය පිළිබඳ ප්‍රථම ගෞරව උපාධියක් ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබාගෙන ඇත.

ඇය ජනාධිපති ලේකම් කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස ද මීට පෙර කටයුතු කර තිබෙනවා.

ඉකුත් සැප්තැම්බර් මස ඉෂිනි වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග එම ධුරයේ පුරප්පාඩුවක් පැවතුණා.

පෞද්ගලික හේතුවක් මත ඇය එලෙස ඉල්ලා අස්වී තිබුණා.