අමෙරිකානු තානාපතිනි හා නාවික හමුදාපති අතර හමුවක්
මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් අද (20) නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා හමුවී තිබෙනවා.
ඒ, නාවික හමුදා මූලස්ථානයේදි යි.
මෙහිදී ද්විපාර්ශවික කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කලේ, අමෙරිකානු එක්සත් ජනපදය මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන් වෙරළාරක්ෂක නෞකාව, අලුත්වැඩියා කටයුතු සඳහා අමෙරිකාවේ ඇති අතර එය නැවත මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බවයි.