අලුත උපන් බිළිඳිය පණපිටින් වල දැමු මව අත්අඩංගුවට
යාපනය චාවකච්චේරිය, මට්ටුවිල් ප්‍රදේශයේ කාන්තාවක් තම කුසින් බිහිකළ බිළිඳියක පණපිටින් වලා දමා තිබියදී චාවකච්චේරි පොලිසිය බේරාගෙන තිබෙනවා.
ගොඩගත් බිළිඳිය මේ වනවිට යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය සඳහන් කළා.
අදාළ කාන්තාවක් විසින් ප්‍රසූත කළ බිළිඳියක් නිවස පිටුපස පණ පිටින් වළ දමා ඇති බවට ප්‍රදේශයේ ගාම නිලධාරිනිය පොලිසියට කළ දැනුම් දීමකට අනුව චාවකච්චේරි පොලිසියේ කණ්ඩායමක් පැමිණ බිළිඳිය ගොඩ ගෙන ඇත.
බේරාගත් බිළිඳිය හුස්ම ගන්නා බවට තහවුරු වීම හේතුවෙන් පොලිසිය වහාම ඇය චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යාපනය රෝහලට මාරු කර යවා තිබුණා.
බේරාගත් බිළිඳිය යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර සිද්ධිය සම්බන්ධ මව අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ චාවකච්චේරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීනවා.