Latest News

මහාමාර්ග ජොන්ස්ටන්ට අධ්‍යාපනය දිනේෂ්ට විදේශ අමාත්‍ය ධූරය ජී.එල් පීරිස්ට

නව කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනෙක් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍ය ධූරය හිටපු අධිකරණ අමාත්‍ය අලි ශබ්රිට හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව මහාමාර්ග අමාත්‍ය ධූරය හිටපු අමාත්‍යවරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ටත්, අධ්‍යාපන අමාත්‍ය ධූරය එම ධුරය දැරූ දිනේෂ් ගුණවර්ධනටත් හිමිවී තිබෙනවා.

මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ අමාත්‍ය ධූරයේ නැවත වරක් දිවුරුම් දී තිබෙනවා.