Latest News

නව අමාත්‍ය මණ්ඩලයට කිසිදු කාන්තාවක් නැහැ

අද (18) දිනයේ පත්වූ අමාත්‍ය මණ්ඩලයට කිසිදු කාන්තා නියෝජනයක් ඇතුළත් කර නොමැති අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ද ඇතුළත් කර නොමැත.

කෙසේවෙතත් පෙර පැවති අමාත්‍ය මණ්ඩලයට එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඇතුළත් වුණා.

ඒ සෞඛ්‍ය,බලශක්ති සහ ප්‍රවාහන අමාත්‍ය ධූර දැරූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි.

නව අමාත්‍ය මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර කොළඹ ජනාධිපති මන්දිරයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.