Latest News

දරුණු විකෘතිතා සහිත කොවිඩ් ප්‍රභේදයක් හමුවෙයි

දරුණු විකෘතිතා සහිත නවතම කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නව කොවිඩ් ප්‍රභේදය B.1.1.529 ලෙස හදුන්වා තිබෙනවා.

මේ අතර මෙතෙක් සොයා ගැනුණු විකෘතිතා වැඩි ම කොවිඩ් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් වාර්තා වීමත් සමඟ එම කලාපයේ රටවල් රැසකින් පැමිණෙන සංචාරකයින් සඳහා නිරෝධායන සීමාවන් පැනවීමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇත.

ඒ අනුව දකුණු අප්‍රිකානු කළාපයේ රටවල් 6ක් සංචාරක රතු ලැයිස්තුවට ඇතුළත් කළ බව බ්‍රිතාන්‍යය සෞඛ්‍ය අමාත්‍ය සජිත් ජාවිඩ් නිවේදනය කළා.

මෙහිදී දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්ස්වානා, ලෙසතෝ සහ එස්වටිනි යන රාජ්‍යයන්ගේ සිට බ්‍රිතාන්‍යය බලා පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට ද තීරණය කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් බ්‍රිතාන්‍යය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් හඳුනාගැනුණු නව කොරෝනා ප්‍රභේදයේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මෙන් දෙගුණයක් විකෘතිතා පැවතිය හැකි බවයි.

ඒ අනුව එය, වැඩි සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත වන අතර, එන්නත්කරණය පහසුවෙන් මගහැර යා හැකියි.