වේගයෙන් පැතිරී යන නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන්
ප්‍රංශයෙන් තවත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති අතර ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයන අවස්ථාවේ තවත් කොවිඩ් ප්‍රභේදයක් ඉස්මතු වීම සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් හටගෙන ඇති බව වෛද්‍ය විශේෂඥයෝ පවසනවා.
එම නව ප්‍රභේදයේ විකෘතිතා 46ක් ඇති බවත් වේගයෙන් පැතිරයා හැකි බවත් අනුමාන කෙරෙනවා.
IHU නමින් හඳුන්වා දී ඇති නව B.1.640.2 ප්‍රභේදය හේතුවෙන් මේ දක්වා ගිනිකොණදිග ප්‍රංශයේ 12 දෙනෙක්ව ආසාදනය වී ඇති බව වාර්තා වේ.
එහිදී හඳුනාගත් පළමු ආසාදිතයා බටහිර අප්‍රිකාවේ කැමරූන් සිට පැමිණි අයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.
ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවටත් වාර්තා විය.