නව කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුළු වීම නැවත්වීමට අවශ්‍ය පියවර ගත්තා – නාමල්
ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුලුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
මේ අතර ඔමික්‍රොන් නව ප්‍රභේදය මේ වන විට රටවල් 12කින් හඳුනාගෙන තිබෙනවා.
ඒ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, බි්රතාන්ය, ජර්මනිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඕස්ටේ්රලියාව, හොංකොං, ඊශ්‍රායලය, ඉතාලිය, කැනඩාව හා ප්‍රංශය යන රටවල්වලින්.
නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ දකුණු අප්‍රිකාවට රටවල් රැසක් සංචාරක තහනම් පනවනු ලැබුවා.