Latest News

අලුත් ආණ්ඩුවකට ජනපති එකඟ වෙයි

සියලු පක්ෂවල එකතුවකින් අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබෙනවා.

මේ අතර එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පත්කරගැනීම සියලු පක්ෂවල නායකයින්ගේ සැදුම්ලත් ජාතික සභාවක් වෙත පැවරෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.