Latest News

නව ජනාධිපතිවරයා තෝරන්න පාර්ලිමේන්තු ඡන්දයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු එළැඹෙන 15 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

පසුව 19 වනදා ජනාධිපති ධූරය සදහා නාමයෝජනා කැඳවීමටත්, 20 වනදා ජනාධිපතිවරයෙකු තෝරන ඡන්දයක් පාර්ලිමේන්තුව තුළ පැවැත්වීමට එහිදී එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට දිනයේදී හෝ සර්වපාර්ශ්වික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවයි.

එසේ සර්වපාර්ශ්වික ආණ්ඩුවක් පිහිටු වන්නේ නම් හෙට දිනයේදීම තමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.