Latest News

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්වෙයි

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡන්ද 134කින් තේරී පත්වුණ බව නිල වශයෙන් ප්‍රකාශ කෙරුණා.

එමෙන්ම, 2024 නොවැම්බර් මස අවසන් වන තෙක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි ධූර කාලය ඉටු කිරීමට තේරී පත් වූ ජනාධිපතිවරයාට ජනවරම ලැබෙනවා.

පාර්ලිමේන්තු ඡන්ද විමසීම තුළදී ප්‍රකාශිත ඡන්ද ගණන 223ක් වන අතර ඉන් වලංගු ඡන්ද සංඛ්‍යාව 219ක් වනවා.

වලංගු නොවන ඡන්ද සංඛ්‍යාව 4ක් වන අතර ඡන්දය භාවිතා නොකළ අවස්ථා 2ක් තිබුණා.