අමාත්‍යංශ 3කට ලේකම්වරියන් තිදෙනෙක්
කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු 23 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (24) පත්කර තිබෙනවා.
එම ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපතිවරයා අතින් කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ පස්වරුවේ සිදු කෙරුණා.
මෙම පත් කිරීම් වලට අදාළව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස වසන්තා පෙරේරා මහත්මිය පත් කර තිබෙනවා.
එමෙන්ම ධීවර අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස ආර්.එම්.අයි. රත්නායක මහත්මියත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස ආර්.එම්.සී.එම්. හේරත් මහත්මියත් පත්කර තිබෙනවා.