Latest News

කාන්තාවන්ට විවාහ පොරොන්දු දී රැවටු නයිජීරියානු ජාතිකයා අත්අඩංගුවට

ශ්‍රී ලාංකික කාන්තාවන්ට මූල්‍ය වංචා කිරීමේ චෝදනාව මත නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් මෙරටට කාන්තාවන් සඳහා ව්‍යාජ අනන්‍යතා සහිත විවාහ පොරොන්දු දී රවටා ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන මෙම නයිජීරියානු ජාතික‍යා 2017 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙක් වනවා.

සැකකරු සමාජ මාධ්‍ය ජාල හරහා තමා යුරෝපයේ වෙසෙන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයෙක් ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් හරහා ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට විවාහ පොරොන්දු ලබා දී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මෙහිදී පොලිසිය සඳහන් කලේ, අදාළ සැකකරු විසින් තමා රවටා ගත් කාන්තාවන්ට තෑගිභෝග එවනවා යැයි පවසා, එම ත්‍යාග රේගුවෙන් මුදා ගැනීමට අවශ්‍ය මුදල් ද ඔහු අදාළ කාන්තාවන්ගෙන් ලබා ගෙන ඇති බවයි.

අදාළ සැකකරු මහරගම පිහිටි ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.