ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය මුදල් අමාත්‍යවරිය කතා කරයි
තාවකාලිකව ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය පහත දමන ලෙස ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නිර්දේශ කර ඇතැයි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ඉල්ලා තිබෙනවා.
එමෙන්ම යුක්රේනයට ලබා දුන් ලෙස හදිසි ණය ආධාරයක් ලබා දෙන ලෙසත් එහිදී ඉන්දීය මුදල් අමාත්‍යවරිය සඳහන් කර තිබෙනවා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පහසු වීමටත්,ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා බහු පාර්ශවික සහාය ලබා ගැනීමටත් වර්ගීකරණය පහත හෙළීම උදව් වනු ඇතැයි මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසනවා.
පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග පැවති සාකච්ඡාවලදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය මෙම නිර්දේශ ඉදිරිපත් කළ බව එරට මාධ්‍ය වාර්තා කළා.
මෙහිදී සීතාරාමන් මහත්මිය තර්ක කර ඇත්තේ,ශ්‍රී ලංකාව ඩොලර් නොමැති වීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට අපොහොසත්ව දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවේ ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය පහත දමා ශ්‍රී ලංකාවට උදව් කළයුතු බවයි.