Latest News

ඇමති වැටුප් නොගෙන රට වෙනුවෙන් වැඩ කරනවා

සියලුම අමාත්‍යවරුන් වසරක කාලයක් වැටුප් නොගෙන එම ධූරයේ කටයුතු කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (07) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ,අදාළ කරුණ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ගෙන ආ කැබිනට් යෝජනාවට සියලුම අමාත්‍යවරු එකඟවූ බවයි.

“බිලියන 4යි දවසක ආදායම. බිලියන 9.6යි දවසක වියදම. ආදායමට වඩා වැඩියෙන් බිලියන 2.4ක් සෑම දවසකම දැරීමට සිදුවීම නිසා ඇති වෙලා තියෙන දැවැන්ත මූල්‍ය අර්බුදය තුළ මේ කුඩා කැබිනට් මණ්ඩලයක් පත්කරලා, මේ වර්ෂය තුළදී කිසිදු අමාත්‍යවරයෙක් වැටුප් නොලබා අවුරුද්දක කාලයක් සේවය කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබුණා.ඒ නිසා මේ වර්ෂයක කාලය තුළ අපි හැම කෙනෙක්ම රට වෙනුවෙන් ජනතාව කරන පරිත්‍යාගයන් වගේම කිසිදු වැටුපක් ලබන්නේ නැතුව ඇමති වැටුපක් ලබන්නේ නැතුව වසරක කාලයක් තුළ ක්‍රියා කරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා.ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ සියලුම ඇමතිවරු කැමති වුණා.”