Latest News

අගෝස්තු පාසල් නිවාඩුව ගැන අලුත්ම තීරණය

රජයේ සහ අනුමත පෞද්ගලික පාසල් සඳහා මෙවර අගෝස්තු මාසයේ දී නිවාඩුවක් ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව නොවැම්බර් මාසයේ අවසානය දක්වා පාසල් අඛණ්ඩව පැවැත්වෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ, දැනට ක්‍රියාත්මක සතියකට දින 3 ක් පමණක් පාසල් පැවැත්වීමේ ක්‍රමවේදය නුදුරේදීම ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර ප්‍රමාද වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 27 වනදා පැවැත්වෙන අතර අ.පො.ස. උසස් පෙළ විභාග නොවැම්බර් 28 සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.