Latest News

ශ්‍රී ලංකාවේ ළමුන්ට හා කාන්තාවන්ට නොර්වේ රජයෙන් මිලියන 490 ක්

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන්ට සහ ළමුන්ට දරුණු බලපෑමක් එල්ල වී ඇතැයි නෝර්වේජියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති ට්‍රිනා යුරන්ලි එස්කෙඩෙල් මහත්මිය සඳහන් කලේ, ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් නෝර්වේජියානු ක්‍රෝන් මිලියන 13 ක (රුපියල් මිලියන 490 ක්) මුදලක් ලබා දෙන බවයි.

ඒ අනුව අදාළ මුදල ලෝක ආහාර වැඩසටහන යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට සහ යුනිසෙෆ් සංවිධානයට ප්‍රදානය කරන බව ඇය සඳහන් කළා.