News

NTJ සහ JMI සංවිධාන වලට අයත් මුස්ලිම් දේවස්ථාන තහනම් කිරීමට පියවර

ජාතික තව්හිඩ් ජමාත් සංවිධානය සහ ජාමාතේ මිල්ලතු ඊබ්‍රහීම් ෆි සෙයිලානි සංවිධාන යටතේ ක්‍රියාත්මක වන මුස්ලිම් දේවස්ථාන තහනම් කිරීමට පියවර ගන්නා බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

දේවස්ථාන පිහිටු වීමට අවසර ලබා දෙන වකුබ් සභාව වෙත මේ සම්බන්ධයෙන් දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

එවැනි දේවස්ථාන තම ප්‍රදේශවල ඇත්නම් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවට සතියක් ඇතුළත දැනුම් දෙන ලෙසට දිස්ත්‍රික් මට්ටමෙන් සිටින නිලධාරීන්ට දැනුවත් කර තිබේ.

මෙරට තුළ ඉස්ලාමීය දේවස්ථාන 2000ක් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබේ.

ඉදිරියේදී එම සියලු දේවස්ථානවල ලියාපදිංචිය සහ අනුමැතිය ලැබුණු ආකාරය සම්බන්ධයෙන් විධිමත් සුපරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා බව ‍මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.