Latest News

මෙරට හෙදියන් 423කට ඉංග්‍රීසි භාෂාව හරස් වෙයි

අමෙරිකාවේ රැකියා සඳහා 2016 වසරේදී අයදුම් කළ හෙදියන් 425ක පිරිසක් අතුරින් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා විභාගය සමත්වූයේ හෙදියන් තිදෙනකු පමණක් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදය සහ මෙරට රජය අතර ඇති කරගත් ගිවිසුමකට අනුව මෙම රැකියා අවස්ථා ලැබී තිබුණේ මෙරට සුදුසුකම් සහිත හෙදියන් තිදෙනෙකුට පමණයි.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය උදෙසා ඉටුවිය යුතු කාර්යභාරය ඇගයීම පිළිබදවූ කාර්ය සාධන විගණන වාර්තාව පරික්ෂා කිරීම සදහා කෝපා කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම අනාවරණය සිදු වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතීත්වයෙන් කෝපා කමිටුව පසුගිය (21) වනදා රැස්වූ වුණා.