Latest News

ශ්‍රී ලාංකික හෙදියන් 4,000ක් සිංගප්පූරුවට

ශ්‍රී ලාංකික හෙදියන් 4,000ක් ලබන වසරේ දී සිංගප්පූරුවේ රැකියා සඳහා බඳවා ගැනීමට සූදානම් වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මෙලෙස සිංගප්පූරු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව හිමිවන්නේ වසර 20කට පසුවයි.

මෙහි මූලික කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් 10 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.